Header Ads

වැඩවර්ජන, උද්ඝෝෂණ ඇතුළු ක්‍රියාකාරකම් මර්ධනයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට අලුත් ම තනතුරක් ?


ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග කටයුතු කළ හැකි ආකාරයේ නව තනතුරක් ඇති කර ඒ සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවකට ඇමති මණ්ඩලය ද එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, වසර 2ක කාලයක් සඳහා නව තනතුර ඇති කිරීමට යෝජනා වී ඇති බව ය.

අමාත්‍ය තනතුරින් ඉවත් වී නව තනතුර භාර ගැනීමට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද කැමත්ත පළ කර ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

දිගින් දිගටම සිදුවන වැඩවර්ජන, උද්ඝෝෂණ ඇතුළු ක්‍රියාකාරකම් සැලකිල්ලට ගෙන නව තනතුර ඇති කිරීමට යෝජනා වී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.