Header Ads

කිරි පෙවූ, විමල්ට යළි ත් ඇප නැති වෙයි.


රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රෙත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

දියණියගේ අසනීප තත්ත්වය සලකා බලමින් තමාට ඇප ලබා දෙන ලෙස මන්ත්‍රීවරයාගේ නීතිඥයින් මෝසමක් මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම ඉල්ලීම කරනු ලැබුවේ, පසුගිය මාර්තු 24 වන දා ය.

දියණියගේ සෞඛ්‍ය තත්ත්වය සනාථ කිරීම සඳහා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම පිළිබඳ අවධානය යොමු කළ  මහේස්ත්‍රාත් ලංකා  ජයරත්න මෙනවිය  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය.

කෙසේ වෙතත් ජනාධිපති නිතීඥවරයෙකු මගින් අද දිනයේ මෙම මෝසම පිළිබඳ යළි අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතයි.

මන්ත්‍රීට එරෙහි චෝදනාව…

මන්ත්‍රී විමල් විරවංශ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටින්නේ, රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සඳහා ජනාධිපති කාර්යාලයෙන් කුලී පදනම යටතේ ලබාගත් වාහන 40 ක් සිය පවුලේ ඥාතීන්ට හා ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරීන්ට ලබා දී රජයට රුපියල් නව කෝටි 18 ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම විමල් වීරවංශට එරෙහිව ඉල්ල වී ඇති චෝදනාවයි.

තමාට ඇප ලබා දෙන ලෙසට විමල් වීරවංශ මන්ත්‍රීවරයා මීට පෙර කළ ඉල්ලීම ද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් වීරවංශ පසුගිය මාර්තු 22 වන දා සිට උපවාසයක් ආරම්භ කළේ ය.

දෙවරක් ඇප ඉල්ලා එය ප්‍රතික්ෂේප වීමේ සිද්ධියක් මුල් කරගෙන ඔහු මෙම විරෝධය ආරම්භ කර ඇති බව පැවසිණ.

ආහාර ගැනීමෙන් වැළකී උපවාසයේ නිරත වූ මන්ත්‍රීවරයා පසුව බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිණ.

මහා සංඝරත්නය කළ ඉල්ලීම අනුව කිරි වීදුරුවක් පානය කිරීමෙන් පසු මන්ත්‍රීවරයා දින 9 ක් පුරා ක්‍රියාත්මක උපවාසය අවසන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.