Header Ads

අතුල - සමිතාගේ දුව කවින්ද්‍යාගේ සිනමා ආගමනය

අතුල - සමිතාගේ දුව කවින්ද්‍යා අධිකාරී ගායනයෙන් තමයි ඉදිරියට පැමිණියේ.

ඇය දැනටමත් ගීත කිහිපයක්‌ නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපි මේ දැන් කියන්න යන්නේ කවින්ද්‍යාගේ අලුත්ම ගීතය ගැන නෙමෙයි. ඇගේ සිනමා ආගමනය පිළිබඳවයි. 

ඒ සම්බන්ධයෙන් ඇය දක්වන්නේ මෙවන් අදහසක්.
"ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබුණ හින්දා තමයි ඒ අදහසට අන්තිමේ කැමැතිවුණේ.ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්‌. මොකද ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන හදවතින්ම සතුටුවෙනවා. මොකද මම මේ ක්‍ෂේත්‍රයේ හිටපු නැති කෙනෙක්‌. හැබැයි අම්මා සිනමාවට සම්බන්ධවෙලා හිටියා. ඒ වගේම මගේ ප්‍රේක්‍ෂකයන් වගේම අම්මාගේ ප්‍රේක්‍ෂකයන් සිනමාවෙනුත් මාව වැළඳගනීවි කියලා විශ්වාසයක්‌ මට තියෙනවා.

මුලින්ම අම්මාට තමයි මේ ගැන කිව්වේ.අම්මා තමයි එකවරම කැමැති වුණේ. මොකද එවැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ මගේ පළමු සිනමා රංගනය සිදුකරන්න ලැබීම ගැන අම්මා ඇත්තටම සතුටුවුණා. අම්මා කැමැතිවුණ නිසා තමයි මමත් කැමැතිවුණා. 

පොඩි බයක්‌ තියෙනවා. නැතිව නෙමෙයි. මොකද එක්‌වරම මේ වගේ විශිෂ්ට අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයක ප්‍රධාන චරිතය ලැබෙනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයි. නමුත් එවැනි අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ ඉතා සැහැල්ලුවෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වේවි කියලා මගේ ලොකු විශ්වාසයක්‌ තියෙනවා."

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.