Header Ads

මාව බඳින්නැයි තරුණියන් බෝඩ් ඇල්ලූ නිසා රසල් මැච් එක ඉවරවෙලා ට්විටර් ගිණුමට දැම්ම ෆොටෝ එක.


ඊයේ (4) බංග්ලාදේශය පරදවා ශ්‍රී ලංකාව පළමු විස්සයි විස්ස තරඟය ජයගත් උණසුම තවමත් මැකී ගොස් නැහැ. ඒ අතර ක්‍රීඩා පිටියට පැමිණි සයිටම් විරෝධී පුවරු රැගත් සරසවි සිසුන්ට සමාජජාල ඔස්සේ අප්‍රසාදයද එල්ලවූ බවට අප මීට පෙර පුවතක් වාර්තා කළා.

එමෙන්ම ක්‍රීඩා පිටියට පැමිණි තරුණියක් විසින් විස්තර විචාරයේ යෙදී සිටි රසල් ආර්නල්ඩ්ට විවාහ යෝජනාවක් ගෙන එන අයුරු දැක්වෙන පුවරුක් ප්‍රදර්ශනය කරගෙන සිටියා. මෙය තරඟය අතර සජීවී විකාශයේද ප්‍රදර්ශනය වූ අතර රසල් එම අවස්ථාවේ සිනා සී කිසිවක් නොපවසා සිටියා.

කෙසේ නමුත් තරඟයෙන් අනතුරව සිය පවුලේ අය සමඟින් ඡායාරූපයක් ඔහුගේ ට්විටර් ගිණුමට එක් කරන්නට රසල් කටයුතු කර තිබුණු අතර එහි ඔහු සඳහන් කර තිබුනේ තවත් එක් තරඟයකින් පසුව පවුලේ අය සමඟින් එකතු වන්නට තමන්ට හැකි බවත් එය සොඳුරු අවස්ථාවක් වනු ඇති බවත්ය.

එම ඡායාරූපයට අදහස් පළ කරමින් රසික රසිකාවියන් රසල්ගෙන් විමසා ඇත්තේ මැච් එක අතර තරුණියක් විවාහ යෝජනාවක් ගෙන ආ නිසා මේ ඡායාරූපය ගිණුමට එක්කළාදැයි විහිළුවට මෙන් ප්‍රශ්න කරමින්.
මේ එම ඡායාරූපයයි…..





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.