Header Ads

ගෝල්ෆේස්‌ මැයි රැළියට ගියොත් දැඩි තීන්දුවක්‌ ගන්නවා - දුමින්ද දිසානායක

මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක  "දිවයින"ඉරිදා සංග්‍රහයට සඳහන් කර තිබෙනවා.

මෙම තීන්දුව ගැනීම සඳහා මැයි දිනය අවසන් වූ වහාම ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්‌කරන බව හෙතෙම සඳහන් කර ඇති අතර තාවකාලිකව පක්‌ෂය තහනම් කර විනය පරීක්‌ෂණයක්‌ පවත්වා පක්‌ෂයේ විනය කඩ කරන ඕනෑම කෙනෙකු පක්‌ෂයෙන් නෙරපීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන බව ද අවධාරණය කළ බවයි එම පුවත්පත පවසන්නේ.

මහනුවර ගැටඹේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි දින රැලියට සහභාගි වන ලෙස පක්‌ෂය නියෝජනය කරන සියලු දෙනාටම දැනුම් දී තිබියදී යම් මන්ත්‍රීවරයෙක්‌ හෝ ක්‍රියාකාරිකයෙක්‌ එම තීන්දුව කඩ කරන්නේ නම් ඔවුන් සම්බන්ධව පක්‌ෂයේ විනය නීති රීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව තීන්දුවක්‌ ගෙන තිබෙන බව ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පවසනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.