Header Ads

අනියම් පෙම නිසා සැමියා මැරූ කාන්තාව…


කුඩා දරුවෙක්, තමන්ගේ පියාගේ මරණය ගැන තැන තැන කියවන්න ගිය කතා ඔස්සේ ආපු පොලිසිය මේ දරුවාගේ මව සහ පෙම්වතාව අත්අඩංගුවට ගත්තා.මේ දෙන්න හිටපු ගෙදර තිබිලා මේ මියගියා කියන පුද්ගලයාගේ සිරුරත් හමුවුණා.

මේ කාන්තාව, වසර 12 ක් තිස්සේ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිහින්. ඒ සබඳතාව සැමියාට ආරංචි වෙලා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්නත් ඔවුනට සිදුවෙලා. ඒ නිසාම ඇය තමන්ගේ අනියම් සැමියා එක්ක එකතුවෙලා සැමියාව මරලා.

හැබැයි මේ මිනීමැරුම කාන්තාවගේ 6 හැවිරිදි පුතා දැකලා. මේ නිසාම මේ දරුවවත් මරන්න මේ පෙම්වතා උත්සහ කළත්, කාන්තාව ඔහුට කියල තියෙනවා මේ දරුවා ඔහුගේ දරුවා බව. ඒ වගේම මේ රහස තමන් කාලයක් සඟවාගෙන හිටපු බවත්.

මේ නිසාම මේ දරුවාගේ ජිවිතේ බේරනවා.හැබැයි මේ සිදුවීමෙන් කම්පනයට පත්වෙලා ඉන්න දරුවා කිහිප දෙනෙකුට ම කියාව තමන් දුටු දේ. ඒ නිසයි මේ දෙන්න අහුවෙන්නේ.

මේ සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හිදී..



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.