Header Ads

ලොව ධනවත්ම නළුවන් අතරේ දෙවැනි තැන ශාරුක්ට

දැනට සති කිහිපයකට පෙර www.worldstopmost.com නමැති වබේ අඩවිය 2016 වසර අවසන් වනවිට ලෝකයේ වැඩිම වත්කම් ප්‍රමාණයකට හිමිකම් කී රංගන ශිල්පීන් නැත්නම් නළුවන් දස දෙනා තෝරා තිබුණා. 

මේ අය අතරින් මුල් ස්ථානයේ සිටින්නේ 1954 වසරේ උපන් ඇමෙරිකානු ඩොලර් මිලියන 820ක වත්කම් ප්‍රමාණයක් හිමි “ජෙරම් ඇලන් සෙන්ෆෙල්ඩ්’ එහෙමත් නැත්නම් ‘ජෙරී සෙන්ෆෙල්ඩ්’ නම් ඇමෙරිකානු රංගන ශිල්පියායි. 

නළුවෙකු මෙන්ම ප්‍රහසන ශිල්පියෙකු වශයෙන් වඩාත් කැපී පෙනෙන ඔහු ග්‍රන්ථ කතුවරයෙක් වශයෙන් ‍පොත් කිහිපයක්ද ලියා තිබිම විශේෂත්වයක්. 

සිනමාවේ මෙන්ම රූපවාහිනියේද කැපී පෙනෙන චරිතයක් වන ඔහු තම රංගන දිවිය ආරම්භ කර ඇත්තේ 1979 වසරේ “බෙන්සන්” නම් රූපවාහිනී කතාමාලාවෙන්.

මේ ලැයිස්තුවේ දෙවනි තැන හිමිවෙලා තියෙන්නේ ආසියාතිකයෙකුට වීමයි විශේෂතම කාරණය, මේ දහ දෙනා අතර ඉන්න ඇමෙරිකානුවන් නව දෙනාට පිටින් ඉන්න එකම විදෙස් ජාතිකයාත් ඔහුයි. 

ඔහු අන්කවරෙකුවත් නෙමෙයි “කින් ඛාන්” කියලා හඳුන්වන බොලිවුඩ් සිනමාවේ දැවැන්තයා වන ශාරුක් ඛාන්. 

1965 උපත ලබා ඇති මොහුගේ වත්කම් ප්‍රමාණය ඉහත වෙබ් අඩවියට අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් ලෙසයි සැලකෙන්නේ. 

එදා මෙදා තුර බොලිවුඩ්හි බිහිවී ඇති සුපිරිතම නළුවන් දෙදෙනා ලෙස ගැනෙන දිලිප් කුමාර්, අමිතාබ් බච්චන් දෙදෙනා අතරට එක්වන තුන්වන සුපිරිතමයා හැටියට සැලකෙන ශාරුක් සිනමාවට පිවිසුණේ 1992 දිවානා චිත්‍රපටයෙන්. 

ෆිල්ම් ෆෙයාර් සම්මාන 14ක් දිනා සිටින ඔහු මේ අතරින් 08ක්ම දිනා ඇත්තේ හොඳම නළු චරිතය වෙනුවෙන්.

ජැක් නිකල්සන් කියන්නේ මේ ලැයිස්තුවේ ඉන්න තුන්වැන්නා, ඔහු ඇමෙරිකානු ජාතිකයෙක්, ඔහු නළුවෙකු වගේම අධ්‍යක්ෂවරයෙක්. වත්කම වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක්. 

උපත ලබා තියෙන්නේ 1937 වසරේ. ලෝක ප්‍රකට ඇකඩමි සම්මාන උළෙල සඳහා හොඳම නළුවා ලෙස 08 වතාවකුත් හොඳම සහය නළුවා ලෙස 04 වතාවකුත් ඔහුගේ නම නිර්දේශිතවී තිබිම අමතක කළ නොහැකියි.

“මිෂන් ඉම්‍පොසිබල්” චිත්‍රපට මාලාවේ “ඊතන් හන්ට්”ගේ චරිතය නිරූපනය කරන “ටොම් කෘස්” ගේ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක්. 1962 උපන් ඔහුත් ඇමෙරිකානු ජාතිකයෙක්. 

ඔහු දිනා සිටින සම්මාන අතර ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය විශේෂයි. ඔහු මෙම සම්මානය තෙවරක්ම දිනා ගන්නට සමත් වුණා.

“ක්ලින්ට් ඊස්ට්වුඩ්” කියන නම ඇහෙනකොටම අපිට මතක් වන්නේ ‘ඩර්ටි හැරී’ කියන චරිතය. මීට අමතරව ‘මැග්නම් ෆෝර්ස්’, ‘ෆිස්ට් ෆුල් ඔෆ් ඩොලර්ස්’, ‘ෆෝර් අ ෆිව් ඩොලර්ස් මෝර්’ වගේ චිත්‍රපට. 

ඒවගේම ගොපලු චිත්‍රපට ගණනක රඟපෑ ඔහු අපේ අතීත සිනමා රසිකයින්ගේ වීරයෙක්. මේ ලැයිස්තුවේ නවවෙනියා ලෙසට සටහන්වී සිටින ඇමෙරිකානු ජාතික ‘ක්ලින්ට්’ගේ මේ වන විට වයස 86ක්. 

ඇකඩමි සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගෙන සිටින ඔහුගේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 370ක්.

මේ කණ්ඩායමේ ඉන්න තවත් අමුතුම චරිතයක් වන්නේ ‘බිල් කොස්බි’. හැබැයි ඔහු මේ වත්කම් ලැයිස්තුවේ ඉන්නේ අටවැන්නා වශයෙන්. වත්කම් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 380යි. 

නළුවෙකු, කතුවරයෙකු, ප්‍රහසන ශිල්පියෙකු, ගායකයෙකු වශයෙන් නමක් දිනා සිටින කොස්බි කාන්තාවන් අතර නම් එතරම් ජනප්‍රිය චරිතයක් කියලා කියන්න ටිකක් අමාරුයි. 

ඒකට හේතුව වෙන්නේ ඔහුට විරුද්ධව කාන්තාවන් රැසක්ම එල්ල කර ඇති ලිංගික අපරාධ චෝදනායි. ඒ විතරක්ම නමෛයි ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනාත් එල්ලවී තිබෙනවා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.