Header Ads

පොතුහැර අනතුරින් දරුවෙකු ඇතුළු තිදෙනෙක් මරුට


පොතුහැර බෝයාගනේ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දරුවෙකු ඇතුළු පුද්ගලයන් ති දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද අලුයම කොළඹ කුරුණෑගල මාර්ගයේ බෝයගනේ ප්‍රදේශයේදී කුරුණෑගල දෙසට ධාවයනය වු ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු, පිටුපස සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු දෙක හමාරක දැරියක් පරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

ත්‍රිරෝද රථයේ රියැදුරු හා කාන්තාවක සමග කුඩා දැරිය මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ ඉනාමළුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ දියණිය ඇතුළු තවත් කාන්තාවක් මියගොස් ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.