Header Ads

සයිටම් ගැටලුවට අමාත්‍යංශයෙන් විසඳුම්

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරනු ඇති අතර එය අඛණ්ඩව ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය පවසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසූවේ, වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් සිසුන්ට හෝමාගම සහ අවිස්සාවේල්ල රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය, ප්‍රසව විද්‍යාව සහ බාලක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මාසය බැගින් වූ වැඩිදුර පුහුණුවක් ලබාදෙන බව ය.

එම පුහුණුවෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ඒකාබද්ධ අධික්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට අයදුම්කරුවන් පෙනී සිටිනු ඇත.

නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන මෙරට වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කර තිබේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා අභියාචනාධිකරණයේ තීන්දුවට සහ එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨධිකරයට යවා ඇති අභියාචනයට යටත් ව රජය විසින් මෙම ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.