Header Ads

දැවැන්ත පිබුරන් මරාදමන්න ඇමරිකාවේ කණ්ඩායමක්


අඩි 15 ක් දිග දැවැන්ත පිඹුරෙකු අල්ලාගත් අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අල්ලන පිඹුරන් South Florida Water Management District යන කණ්ඩායම විසින් මරණයට පත් කරන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Burmese pythons (පිඹුරු) වර්ගය වැඩි පුර සිටින නිසා මෙම කණ්ඩායම විසින් එම පිඹුරන් අල්ලගෙන මරණයට පත් කරන බවයි සදහන් කරන්නේ.

එම කණ්ඩායමේ දෙදෙනෙකු විසින් පිඹුරන් ඇල්ලිමට යමින් සිටි අවස්ථාවකදී තමයි මෙම දැවැන්ත පිඹුරව අල්ලගෙන තියෙන්නේ.

මරණයට පත් කරන පිඹුරන්ගේ හම වෙනත් අයට විකිණිමටද මේ අයට අවසර තිබෙනවා.

මේම කණ්ඩායමේ දැනට විසිපස්දෙනෙකු සිටින බවයි ඔවුන් කියන්නේ. ඔවුන්ට දවස් 60ක් තිබෙනවා මෙම දැවැන්ත පිඹුරන් අල්ලගන්න ඒ අල්ලන පිඹුරන් අඩි 4ට වඩ දිගින් යුක්ත නම් මේ අයට වැඩිපුර ඩොලර් 50ක් ගෙවනවා කියලා තමයි ඒ අය සදහන් කරන්නේ.

මෙම කණ්ඩායම විසින් 2002 ඉදලා මේ වන තෙක් පිඹුරන් දෙදහකට වැඩිය අල්ලගෙන ඇති අතර ඔවුන් සදහන් කරන අකාරයට තවත් දැවැන්ත පිඹුරන් ඉන්නව කියලයි කියන්නේ.

ඔවුන් එම අවස්ථාවේ ලබාගත් ඡායරූප කිහිපයක්ද මේ අයුරින් අන්තර්ජාලයට එක්කර තිබුනා.


 

 


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.