Header Ads

ලීස් කරලා පන්සලට අලියෙක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි!

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ආගමික ස්ථාන කිහිපයක සිටි අලි ඇතුන් රජයේ භාරයට ගැනීම දැකගත හැකි විය. 

මෙයට එරෙහිව විවිධ මතවාද මතුවූ අතර සමහරුන් කීවේ මේ නිසා පෙරහර සඳහාද අලි ඇතුන් නැති වන බවය.

මේ සඳහා විසදුමක් වනජීවී ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කලේය. 

ඔහුගේ යෝජනාවට අනුව පින්නවල අලි අනාථාගාරයෙන් විහාරස්ථාන සඳහා අලි ලබා දෙයි. 

ඒ සඳහා රුපියල් මිලියනය් ගණනක ඇපකරයක් වනජීවී අමාත්‍යංශයේ තැබිය යුතුය. අලියාගේ වටිනාකම අනුව මිලියනයේ සිට දහය දක්වා වැඩිවිය හැකි බවද ඇමති ජයවික්‍රම කිවේය.

අලියාගේ නිත්‍යානූකූල හිමිකාරීත්වය රජයට පැවරෙන අතර විහාරස්ථානයේ තබාගෙන අලියා නඩත්තු කල හැකිය. 

අලියාට අහාර සැපයීම ඇතුළු නීති මාලාවකට අදාළ විහාරස්ථානය හෝ ආගමික ස්ථානය යටත් විය යුතුය.

මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය. පසුපෙළ සිටි ඇමතිවරයෙකු මේ සම්බන්ධයෙන් ඇමති සඟයෙකුට කීවේ “නොම්මර එකයි. ලක්ෂ දහයේ ලීස් එකට අලියා පන්සලට” කියාය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.