Header Ads

පොල් හා තල මිශ්‍ර අළුවා හදන විදිහයි මේ ...

අලුත් අවුරුද්දට පොල් හා තල මිශ්‍ර අළුවා කන්න කැමති නම් මේ තියෙන්නේ හදන විදිහ. හදලා කාලම බලන්න්කෝ රස කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි කිලෝ ග්‍රෑම් 1
සීනි කිලෝ 1 1/2ක්
මාදුරු ග්‍රෑම් 75
වැනිලා බිංදු 2-3ක්
තල ඇට ග්‍රෑ. 100
හොඳින් වියළි ‍පොල් බෑයක පමණ ‍පොල්

සාදන ආකාරය

හාල් පිටි ටික හොඳින් හලාගන්න. දැන් ලොකු තාච්චුවක් හෝ කබලක් ළිප තබා රත්කර පිටි දමා රන්වන් පාට වනතුරු බැදගන්න. (දර ළිපක බදින්නේ නම් පිටි ටිකක් ගෙන ගින්දරට විසි කරන්න. නිල් පාටට දැල්ල විහිදේ නම් පදම නිවැරදිය)

දැන් ගාගත් ‍පොල් ටිකද තල ඇට ටිකද රන්වන් පාට වනතුරු කබ‍ලේ බැද පසෙකින් තබන්න. (දැන් පිටි ටිකක් අයින් කර පසෙකින් තබා ගන්න) මාදුරුද කබ‍ලේ බැද සිහින්ව කුඩුකර ගන්න. සීනි ටික ළිප තබා වතුර එකතු කර උණු කරන්න. මාදුරු, වැනිලා එකතු කරන්න. එය බිමට බා තද රස්නය ඉවත් වන තුරු පසෙකින් තබන්න.

පිටි මිශ්‍රණයට පැණි ටික ටික එකතු කරමින් අනන්න.
තල ඇට සහ බැදගත් ‍පොල් රැල්ද දමන්න. අතේ නොඇලෙන පදමට මිශ්‍රණය සකසා ගන්න. තැටියකට ඉතිරි කරගත් පිටි ටිකක් ඉස ඒ මත අළුවා මිශ්‍රණය දමා තුනී කරගන්න. උඩින්ද පිටි ටිකක් ඉසින්න. අවශ්‍ය තරමේ කෑලි කපාගන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.