Header Ads

යළිත් කුණු කන්ද කඩා වැටෙයිද ? අලුත්ම තත්වය

මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව තවදුරටත් නායයාම සිදුවෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසුවේ, වර්ෂාපතනයක් සිදුවුවහොත් එම කසල කඳු තල්ලු වීම වැඩි විය හැකි බවයි.

අධි අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශයේ කොටසක් නම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ගණන මේ වනවිට 26 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කුණු කන්දට යට වූ පුද්ගලයින් සොයා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කෙරෙන්නේ යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙනි.

මීතොටමුල්ලේ සෝදිසි මෙහෙයුම් සඳහා මේ වන විට ආරක්ෂක අංශ නිලධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් යොමු කර තිබේ.

කසල කන්ද අවට අවදානම් තත්ත්වයේ පවතින නිවාස 130ක පදිංචිකරුවන් ඉවත්කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් දී තිබේ.

එහි භූ විද්‍යා හා නායයාම් අධ්‍යන අංශ ප්‍රධානී, ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසුවේ කසල කන්ද අවට අවදානම් කලාපයක් නම්කර ඇති බවයි.

සිදුවූ ආපදාවෙන් නිවාස 145කට හානි සිදුව ඇති අතර පවුල් 180කට අයත් පුද්ගලයින් 625 දෙනෙක් අවතැන්ව සිටිති.

තවදුරටත් අවදානම පවතින ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡවේදී මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා 2 ක එම පිරිස තවකාලිකව රඳවා තැබීමට තීරණය කෙරිණ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.