Header Ads

නිත්‍යානුකූලව ඕස්ට්‍රේලියාවට යන්න ආසයිද? – එහෙනම් අනිවාර්යයෙන්ම කියවන්න.


ඕස්ට්‍රේලියාවේ වීසා වෙනස්කමත් සමග එය ශ්‍රී ලාංකිකයන්ට බලපාන ආකාරය පිළිබඳ සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන සංක්‍රමණ කටයුතු පිලිබඳ නියෝජිත අධිනීතිඥ සුසන්ත කටුගම්පොල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් වැඩිපුර ඉල්ලුම් නොකරන රැකියා, නව වීසා ක්‍රමය යටතේ ඉවත් කර තිබීම නිසා මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට විශාල බලපෑමක් නොවන බවයි.

ඕස්ට්‍රේලියාවේ SBS සිංහල ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඔස්ට්‍රේලියාව ඊයේ(19) සිට ක්‍රියාත්මක වන පරිදි 457 වීසා කාණ්ඩයේ වෙනසක් කිරීම නිසා මැදි කාලීන රැකියා ලැයිස්තුවේ රැකියා 216ක් ඉවත් කර ඇති බව ඔහු කියා සිටිනවා.

දැනට 457 වීසා කාණ්ඩය යටතේ ඉල්ලුම් කර ඇති අයට ගැටළුවක් නොමැති වුවත් සමහරුන්ට වීසා නොලැබීමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළා.

ඔස්ට්‍රේලියාව ඇතුළත දී හා පිටත දී තවමත් වීසා ඉල්ලුම් කළ හැකි අතර තාවකාලික පදිංචිය සඳහා වීසා දෙන බවට නව ක්‍රමයේ සඳහනක් නොමැති වීම ගැටළුවක් බවයි අධිනීතිඥ සුසන්ත කටුගම්පොල පවසන්නේ.

රැකියා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය පවසන්නේ තාවකාලික වීසා යටතේ තිබූ රැකියා වර්ග මෙම නව වෙනස්කම් හේතුවෙන් කප්පාදු කළ අතර එම ලැයිස්තුව රැකියා වර්ග 651 සිට 435 දක්වා අඩු කර තිබෙන බවයි.

ඔස්ට්‍රේලියානු රජය 457 වීසා සඳහා සිදු කරනු ලැබූ වෙනස්කම් 2016 වසරේ දෙවැනි භාගයේදී නිකුත් කළ තාවකාලික වීසා අතරින් බලපා ඇත්තේ 10% කටත් වඩා අඩු ප්‍රමාණයකින් බව නිල දත්ත පෙන්වා දෙන අතර තාවකාලික වීසා යටතේ තිබූ රැකියා වර්ග මෙම නව වෙනස්කම් හේතුවෙන් කප්පාදු කළ අතර එම ලැයිස්තුව රැකියා වර්ග 651 සිට 435 දක්වා අඩු කර තිබෙනවා.

457 වීසා වැඩසටහන සඳහා මෙම වෙනස්කම් සිදු කරනු ලැබුවේ ඔස්ට්‍රේලියානුවන් හට රැකියා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දීමට බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull කියා සිටියා.

නමුත් මෙම තත්ත්වය යටතේ රැකියාවල ඉහළ නිපුණත්වයක් ඇති පිරිස් සේවයට බඳවා ගැනීමේදී ගැටලුවලට මුහුණ පානු ඇති බවට ප්‍රධාන කර්මාන්ත බිය පළ කර ඇතැයි SBS කියා සිටිනවා.

පසුගිය 2016 වසරේ ජුනි සහ දෙසැම්බර් මාස අතර 457 වීසා 24,270 ක් නිකුත් කර ඇති බව ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දී ඇතැයි එහි සඳහන්.

එම සංඛ්‍යාවෙන් 2083 ක ප්‍රමාණයක ශ්‍රමිකයින් හට 457 වීසා ලබා දී ඇත්තේ මෙවර වෙනස්කම් මත රැකියා ලැයිස්තුවෙන් ඉවත් කළ රැකියා 216 ක් පදනම් කරගනිමින්.

ප්‍රථමික 457 වීසාවලින් එය 8.6% ක් නියෝජනය කරනවා.

ඒ අනුව 457 වීසා නිකුත් කර ඇති සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 9 දෙනෙකු හට නව වීසා වැඩසටහන යටතේ වුවද තාවකාලික සේවා සඳහා තවමත් සුදුසුකම් තිබෙනවා.

ඉවත් කරන ලද රැකියා 217 අතරින් 2015-16 කාලයේ ලබා දුන් 457 වීසා සඳහා මානව සම්පත් උපදේශක, නිෂ්පාදන  ක්ෂේත්‍රයේ නිෂ්පාදන කළමණාකරු සහ වෙබ් අඩවි නිර්මාණකරුවන් යන රැකියා බහුලවම මෙම නව වෙනස්කම් නිසා බලපෑමකට ලක්ව තිබෙනවා.

ඉවත් කළ රැකියා ලැයිස්තුවේ 2015 – 16 කාලය තුළ ලබාදුන් ප්‍රමුඛ පෙළේ රැකියා 10 පහත පරිදි වනවා.

ඉවත් කළ රැකියා 20 ක් පසුගිය දශකය තුළ භාවිතා කර නැහැ.

457 රැකියා ලැයිස්තුවෙන් ඉවත් කළ රැකියා 20 ක් සඳහා පසුගිය වසර 10 ඇතුළත කිසිදු වීසාවක් ලබා දී නොමැති බව වාර්තා වනවා.

Turf growers, deer and goat farmers, boarding kennel operators, judges, magistrates සහ wool classers යන රැකියා එම ලැයිස්තුවට අයත්.

මීට අමතරව පහත සඳහන් රැකියා 9 මෙවර ඉවත් කරනු ලැබුවේ පසුගිය 10 වසර තුළ ඒවා සඳහා අවම වශයෙන් වීසා ලබා දී ඇත්තේ පහකටත් වඩා අඩු ප්‍රමානයක් බැවින්.

Commissioned Fire Officer
Electorate Officer
Migration Agent
Archaeologist
Hydrographer
Dental Prosthetist
Aboriginal and Torres Strait Islander Health Worker
Defence Force Member – Other Ranks
Dog or Horse Racing Official

නව තාවකාලික වීසා වැඩසටහන යටතේ සුදුසුකම් ලද රැකියා ලැයිස්තුව මෙතනින් ලබා ගත හැක.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.