Header Ads

මෙරට ප්‍රථම වතාවට අරක්කු සහ සිගරට්වලින් රජයට එන බදු ආදායම අඩුවෙලා – ජනපති


තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය අද ජනතා අයිතියට පත් කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ ගොඩනැගිල්ල ශල්‍යාගාර සංකීර්ණයක්, වාට්ටු, දැඩිසත්කාර ඒකකයක් සහ අධිකරණ වෛද්‍ය ඒකකයකින් සමන්විතයි.

2013 වසරේදී මෙම ගොඩනැගිල්ල සඳහා මුගල්ගල් තබා ඇත්තේ ද එවක සෞඛ්‍ය අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වීම ද විශේෂත්වයකි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

ලංකාවේ පළවැනි වතාවට තමයි මීට සති 3කට කලින් කැබිනට් මණ්ඩලයට භාණ්ඩාගාරය වාර්තා කළේ රජයට එන බදු ආදායම අරක්කු සහ සිගරට්වලින් පළවැනි වතාවල ලංකාවේ පහළ වැටිලා තියෙනවා. ඒක ඉතා හොඳ ලක්ෂණයක්. මීට පෙර හැමදාම වුණේ ඒවා වැඩි වෙච්ච එක. නමුත් අපි මේ ගෙන ගිය වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදියට රජයට දෙන බදු අඩු වෙලා කියලා කියන්නේ අරක්කු සහ සිගරට් වල විශේෂයෙන්ම ආදායම අඩුවීම. ඒක රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේදී ඉතාමත්ම වැදගත් දෙයක් ඒ නිසා අපිට රටක් විදයට අපේ රට ඉදිරියට ගෙනයන්න මූලික වශයෙන්ම රටේ සංවර්ධනයේ මිණුම් දණ්ඩ අධ්‍යාපනය සහ සෞඛ්‍ය බව ඔබ දන්නවා. උගතුන් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක්. ඉන්නවා නම් ඒ රට වේගයෙන් ඉදිරියට යනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී මෙසේ පැවසීය.

කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න ඇතිවුණාම මට තිබුණ විශාලම ශක්තිය තමයි මගේ ජනාධිපතිතුමා මා වෙනුවෙන් කතා කිරීම. කතා කරලා මට සහයෝගය දීලා අවසාන තීන්දුව එතුමාගේ අතේ. ඒ අතින් බලනකොට ජනාධිපතිවරයෙක්ට බලතල තියෙන්නත් ඕන. මම ඒකට විරුද්ධයි ප්‍රතිපත්තිමය වශයෙන් ජනාධිපති බලතල අහෝසි කරන්නැයි කියන මම 78 ඉදලා හයිඩ්පාක් එකේ වාඩිවෙලා එන්.එම්.ලත් එක්ක ජේ.ආර්. ව්‍යවස්ථාව ගෙන අවස්ථාවේ ලංකාවේ දේශපාලන අයිතිය නැති වෛද්‍යවරයෙක් විදියට වාඩිවුණ එක්කෙනෙක්. නමුත් සමහර වෙලාවට හිතනෙවා මේකේ එහාට මෙහාට එකක් කරගන්න වෙනවා කියලා

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.