Header Ads

කන්ගනා රනවුත්ගේ තිස්වැනි උපන්දිනයට ලැබුණු වටිනාම තෑග්ග

සාමාන්‍යයෙන් කෙනෙකුගේ උපන්දිනයට අනුන්ගෙන් ඔහුට හෝ ඇයට තෑගි ලැබෙන එක සිරිතක් වුණත් සුපිරි බොලිවුඩ් නිළි කන්ගනා රනවුත්ගේ තිස්වැනි උපන්දිනයට ලැබුණු වටිනාම තෑග්ග පසුගියදා ඇයට ලැබි තිබෙන්නේ ඇයගෙන්මයි. 

එම ත්‍යාගය තට්ටු තුනක සුවිසල් නිවසක්. මෙම නිවසට ආශිර්වාදය පතා පවු‍ලේ අය සමග තමා අදහන වෛශ්නෝ දේවි කෝවිලටත් ගිය කන්ගනා මෙය උපන්දිනයට තමාගෙන් තමාටම ලැබෙන තෑග්ගක් ලෙසයි හැඳින්වූයේ. 

මෙම නිවසේ කොටසක් ඉදිරි කාලයේදී තම කාර්යාලය ලෙස සකස් කරගැනීමටත් ඇය බලා‍පොරොත්තු වෙනවා. 

ළඟදීම චිත්‍රපට නිෂ්පාදනයටත් අතගසන්නට බලා‍පොරොත්තු වන නිසා අංගසම්පූර්ණ කාර්යාලයක් තමාට අවශ්‍ය බව ඇය පවසා තිබුණා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.