Header Ads

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප.


රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ඇප නියම කෙරිණි.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ය.

මෙහිදී විමල් වීරවංශ මහතාට රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කෙරිණි.

විමල් වීරවංශ මහතාගේ විදෙස් ගමන් තහනම් කළ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

ජනාධිපති කාර්යාලයට අයත් රුපියල් 9 කෝටි 16 ලක්ෂයක් වටිනා වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, ජනවාරි මස 10 වන දා ය.

පෙර අවස්ථා කිහිපයකදී ඔහු ඇප ඉල්ලා සිටිය ද අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය.

අනතුරුව නව මැගසින් බන්ධනාගාරය තුළදී උපවාසයක් ආරම්භ කළ වීරවංශ මහතා ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

සංඝරත්නය පැමිණ කළ ඉල්ලීමකින් අනතුරුව දින 9කට පසු ඔහු සිය උපවාසය අත්හැරියේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.