Header Ads

යහපාලන ආණ්ඩුවේ FCID විමර්ශන අඩාල වෙයිද? – දූෂණ විරෝධී සංවිධාන ප්‍රශ්න කරයි.


යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලැබී ඇති ටෙන්ඩර් ගනුදෙනුවලට සම්බන්ධ පැමිණිලි ජාතික ප්‍රසම්පාදන කොමිසමට යොමු කරන්නැයි ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව යෝජනා කර ඇතැයි දූෂණ විරෝධී සංවිධාන අනාවරණ කරයි.

2015 ජනවාරි මස 08 වැනි දිනට පසුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති ටෙන්ඩර් ගනුදෙනු සම්බන්ධ පැමිණිලි ජාතික ප්‍රසම්පාදන කොමිසමට යොමුකිරීමට යෝජිතයි.

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකුගේ සහභාගිත්වයෙන් 2017 මාර්තු 15 වැනි දින පැවති ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුවේදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මැදිහත්ව දැනටමත් වාර්තාවක්ද කැදවා ඇතැයි දූෂණ විරෝධී සංවිධාන පවසයි.

නිව්ස් ෆස්ට්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.