Header Ads

IS ත්‍රස්ත ප්‍රහාරවලින් පසු ඊජිප්තුවේ මාස 3ක හදිසි තත්ත්වයක්


ඊජිප්තුවේ පුද්ගලයින් 44 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ ජනපති අබ්දුල් ෆාටා අල් සිසි විසින් ඊජිප්තුවේ මාස 3ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාහි දේවස්ථාන 2ක දේව මෙහෙයන් සිදුවන අතරතුර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයන්හි වගකීම IS ත්‍රස්ත සංවිධානය විසින් භාරගනු ලැබ තිබේ.

IS පවසා ඇත්තේ, ප්‍රහාරය පිටුපස තමන් සිටින බව ත් ඊජිප්තුවට ප්‍රහාර රැසක් එල්ල කරන බවට අනතුරු අඟවා තිබූ බවත් ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.