Header Ads

මිනීමරමින් එය ෆෙස්බුක් Live පෙන්වූ ඝාතකයෙක් තවත් 16ක්මරණ බව පවසයි.


මනුසත් සිත් නැති ඇතැමුන්ට තිරිසනුන් සේ මහමගදී පුද්ගලයින් මරා දැමීම එතරම් දෙයෙක් නොවන බව වර්තමානයේ වාර්තා වන ඇතැම් සිදුවීම්වලින් මනාව වටහා ගත හැකියි.

මෙහි ඛේදනීය තත්ත්වය නම් ඔවුන් සිය පහත් ක්‍රියාවන් ලෝකයාට පෙන්වීම සඳහා නව තාක්ෂණය ද යොදා ගෙන තිබීමයි.

අමෙරිකාවේ අපරාධකරුවෙකු මහමග ගමන් කරමින් සිටින වයෝවෘද්ධ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරන ආකාරය ලොව ප්‍රකට සමාජ ජාලා වෙබ් අඩවියක් වන Facebook ඔස්සේ සජීවීව විකාශය කර තිබේ.

අහඹු ලෙස මාර්ගයේදී හමුවන එම පුද්ගලයා වෙඩි තබා ඝාතනය කරන අයුරු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කළ එම අපරාධකරු සෙයා ක්ලීව්ලන්ඩ් පොලීසිය මෙහෙයමුක් ආරම්භ කර තිබේ.

ඝාතකයා ස්ටීව් ස්ටීවන්ස් ලෙස හඳුනා ගෙන ඇති අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහියෝ ප්‍රාන්තයේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අපරාධකරු අතින් එලෙස ඝාතනයට ලක් ව ඇත්තේ, 74 හැවිරිදි රොබර්ට් ගොඩ්වින් නමැති පුද්ගලයෙකි.


ඝාතකයා පසු තවත් වීඩියෝවක් පළ කරමින් පවසා ඇත්තේ, මේ වන විට පුද්ගලයින් 16 දෙනෙකු මරා ඇති බවත් ඉදිරියේදී තවත් ඝාතන සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

එහෙත් ක්ලීව්ලන්ඩ් පොලිස් ප්‍රධානී කැල්වින් විලියම්ස් පවසන්නේ, රොබර්ට් ගොඩ්වින්ගේ ඝාතනය පිළිබඳ තොරතුරු ඇතත් ඔහු පවසන ආකාරයේ අනෙකුත් ඝාතන පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බවත් ය.

ක්ව්ලන්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව සැකකරුගේ ඡායාරූපයක් (අඩි 6යි අගල් 1 උසැති) මෙම කළු ජාතික සිය වෙබ් අඩවියේ ද පළ කර තිබේ.

දිනෙන් දින දියුණුවට පත්වන තාක්ෂණය මිනිස් ක්‍රියාකාරකම් පහසු කරවමින් නව මං පෙත් විවර කරද්දී එම තාක්ෂණයේ ම අනෙක් අතින් මනුසත් ගුණ වනගත කරවන්නට සමත්ව ඇති බවට මෙවැනි සිදුවීම් කදිම නිදසුන් ය.

(/newsfirst.lk ඇසුරිනි)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.