Header Ads

‘කා ළඟ හරි වස තියනවද?‘ – පියුමි හංසමාලිගේ ඡායාරූපය දැක ඉන්දියානුවෝ වස ඉල්ලයි (PHOTOS)

පියුමි හංසමාලි කියන්නේ ඉතිං කාලෙන් කාලෙට විවිධ මෘතෘකා ඔස්සේ ලංකාවේ කතා බහට ලක්වෙන චරිතයක්නේ.

හැබැයි මේ පාර නම් පියුමි ලංකාවේ විතරක් නෙමෙයි අපේ අසල්වැසි ඉන්දියාවෙත් කතා බහට ලක්වෙන් චරිතයක් වෙලයි නැවතිලා තියෙන්නේ.

මේකයි කතාව.

පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු ෆේස්බුක් පිටුවක් වන Laughing Colours ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණා.මිලියන 27කටත් අධික ලයික්ස් ප්‍රමාණයක් මෙම පිටුවට හිමි වෙලා තිබෙනවා.ඒ ගණන හරියටම කිව්වොතින් 27,524,391ක්.

පියුමි හංසමාලි, විශ්ව පෙරේරා කියන රූපලාවන්‍ය ශිල්පියෙක් එක්ක ඉන්න පින්තූරයක් තමයි මේ විදියට මේ ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණේ..

ඒ ඡායාරූපයට යටින්  ‘සහෙර් හේ කිසි සේ පාස්‘ යැයි හින්දි භාෂාවෙන් යම් වැකියක්ද සටහන් කරලා තිබුණා..

ඒකේ සිංහල තේරුම තමයි ‘‘කවුරු හරි ළඟ වස තියනවද‘‘ කියන එකයි.

කොහොම කොහොම හරි ලංකාවේ ෆේස්බුක් පරීශීලකයන් බොහො දෙනෙක් මේ ඡායාරූපයට අදහස් පල කරලා තිබුණා.

ඒ අතරේ මේ ඡායාරූපයේ පෙනී සිටින විශ්ව පෙරේරාද සිටිනු අපට දැකගත හැකිවුණා.

ඉන්දියාවේ බොහෝ දෙනා හිතලා තියෙන්නේ මෙයාලා පෙම්වතුන් කියලයි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.