Header Ads

ගොළු අම්මා දිනක් වයසැති බිළිඳාට පොල්ලකින් පහරදි මරා ගිනි තියලා (Photos)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ප‍්‍රදේශයේ පදිංචි ගොළු කාන්තාවක් තමන් බිහිකළ දිනක් වයසැති දරුවාට පොල්ලකින් පහරදි ඝාතනය කොට ගිනි තබා සිටියදි ඊයේ (03) අත්අඩංගුවට ගත් බැව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසූවේ අදාළ කාන්තාව පසුගිය 02 වැනිදා රාත‍්‍රියේ සිය නිවසේ වැසිකිළිය තුළ දරුවා බිහිකොට ඇති අතර දරුවා බිහිකිරීමෙන් අනතුරුව දරුවා පොහොර උරයක ඔතා ගෙවත්තේ තිබු කුකුළු කොටුවේ සඟවා ඇති බවයි.

අනතුරුව දරුවා කිරි ඉල්ලා හඩා ඇති අතර අදාළ කාන්තාව උදෑසන දරුවා කුකුළු කොටුවෙන් එළියට රැගෙන පොල්ලකින් පහරදි ඝාතනය කොට ඇති බැව්ද පොලිස් පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත.

දිනක් වයසැති දරුවාට පහරදෙන ආකාරය සැකකාර කාන්තාවගේ වයස අවුරුදු 14 ක් වන දියණිය දැක ඇති අතර අදාළ දැරිය පාසල් ගොස් සිදුවීම සම්බන්ධයෙන් පාසලේ ගුරුවරයෙකු දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ගුරුවරයා විසින් සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට ඇත.

ගුරුවරයාගේ දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිළධාරි සමඟ අදාළ නිවෙස වෙත ගොස් පරීක්ෂා කිරීමේදි සැකකාර කාන්තාව විසින් දරුවා මරා පුළුස්සන ලද ස්ථානය සොයාගත් බැව්ද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ අදාළ කාන්තාව සිය වැඩිමහල් දරුවා පාසල් යාමෙන් අනතුරුව බිළිදු මළ සිරුර ගෙවත්තෙන් මදක් ඔබ්බෙන් පිහිටි පාළු මාර්ගයක් ආසන්නයට ගෙන ගොස් ගිනි තබා තිබු බවයි.

ගිනි තැබීම හේතුවෙන් බිළිදු සිරුර දැවී ගොස් තිබු අතර සිරුරු කොටස් පමණක් හමුවු බැව්ද පොලිසිය පැවසීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.සම්සුදීන් මහතා මහේස්ත‍්‍රාත් පරීක්ෂණ පැවැත්වු අතර, මළ සිරුරු කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කරන ලෙසට නියෝග කොට ඇත.

පොලිසිය පැවසූවේ සිරුරු කොටස් වවුනියාව රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කොට ඇති බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාව මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදි අප්‍රේල්  07 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙසට මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.සම්සුදීන් මහතා නියෝග කරනු ලැබීය.

සැකකාර කාන්තාව වයස අවුරුදු 37 ක් පමණ වන අතර කාන්තාවගේ ස්වාමි පුරුෂයා වසර හයක පමණ කාලයකට පෙර මියගොස් ඇති බැව්ද අනාවරණය වී ඇත.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.