Header Ads

බ්‍රසීලයේ බ්රූනොව පිටසක්වළ ජීවීන් පැහැරගෙන (Photos)


බ්රූනො බොර්ගාස් ජීවත්වුණේ බ්‍රසීලයේ. ඔහුගේ වයස අවුරුදු 24 යි. ඔහු ගිය සතියේ අතුරුදන් වුණා.

මනෝවෛද්‍යවරයෙක් වෙන්න ඉගෙනගනිමින් හිටපු බ්රූනෝව පිටසක්වල ජීවින් විසින් පැහැරගත්ත කියලයි  ඔහුගේ පවුලේ අය කියනවා.

එහෙම කියන්න ඔවුන්ට හේතුවකුත් තියෙනවා.

ඒ ඔහු පිටසක්වල ජීවින් එක්ක සබඳතා පැවැත්වූ බවට ඔවුන් විශ්වාස කරන නිසා.

ඔහුගේ විනෝදාංශය වෙලා තියෙන්නේ පිටසක්වල ජීවි විද්‍යාව.

ඔහු නිතරම පිටසක්වල ජීවින් ගැන අධ්‍යනය කරනවා.

ඒ වගේම ඔහු පිටසක්වල ජීවින් තමන් එක්ක කතා කරනව කියලත් විශ්වාස කරන කෙනෙක් වෙලා හිටියා.

ඔහු අතුරුදන් වීමෙන් පස්සේ කාමරය පරික්ෂා කළ පොලිසියට සංකේත ආකාරයෙන් යමක් සටහන්කළ සටහන් පොත් 14 ක් හමුවෙලා.

ඒ වගේම විශේෂිත ගණිත ක්‍රම රැසක් එකතු කර හදපු සුත්‍ර වගයකුත් තිබිලා.

මේ මොකක්ද කියල හිතාගන්න පරීක්ෂකයන්ට බැරිවෙලා.

ඒ වගේම බ්රූනෝ තමන්ගේ කාමරයෙන් අතුරුදන් වූ දා රාත්‍රියේ මේ නිවස වටේ අද්භූත එලි රැසක් දර්ශනය වූ බවත් සමහරු කියනවා.

මේ සිදුවීම මොකක්ද කියල කවුරුවත් තාම දන්නේ නෑ.ඒ වගේම බ්රූනෝ කොහෙද කියල හොයගෙනත් නෑ.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.