Header Ads

වාහනයක් පැහැරගත් SF සොයා පොලිස් පරීක්ෂණ.....


අනුරාධපුර ටියුෂන් ගුරුවරයෙකුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් ලීසිං වාරික නොගෙවීම නිසා එම මූල්‍ය ආයතනයේ සාමාජිකයන් විසින් එම රථය අත්පත්කරගැනීමෙන් අනතුරුව කොළඹට රැගෙන යමින් තිබියදී ගුරුවරයාගේ කොන්ත්‍රාත්තුවක්මත රථය පැහැරගත් එස්.එෆ් ලොක්කා ඇතුළු ඔහුගේ ගෝලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඊයේ (22දා)  පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පැනරෝමා සමාජ ශාලාවට පහරදී  අලාභහානි සිදුකර එහි හිමිකරු වන කරාතේ ශූර වසන්ත සොයිසා මහතා ඝාතන සිද්ධිය මෙහෙයවූ එස්.එෆ් ලොක්කා ඇතුළු කණ්ඩායමක් මෝටර් රථය පැහැරගත් බවට දිවයිනේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක කල්බදු ආයතන අංශයේ උසස් නිලධාරියෙකු විසින් සිදුකළ පැමිණිල්ලක්මත සැකකරුවන් සොයා පොලීසිය පරික්ෂණ සිදුකරයි.

සැකකාරගුරුවරයා විසින් දිවයිනේ ප්‍රසිද්ධ බැංකුවකින් ලීසිං පහසුකම මත අධි සුඛෝපභෝගී මෝටර් රථය මිලදී ගෙන ඇති අතර, මාසිකව ගෙවියයුතු රුපියල් ලක්ෂ ගණනක වාරික පහක පමණ ගෙවීම් පැහැර හැරීම නිසා පසුගිය 21 වැනිදා එය අත්පත්කර ගෙන ඇතිබව පොලීසිය පැවසීය.

සුඛෝපභෝගි මෝටර් රථය පැහැර ගැනීමට කොන්ත්‍රාත්තුව ලබාදුන් බව කියන සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමටද පොලීසිය පරීක්ෂණ සිදුකරන අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින බවද පොලීසිය පවසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.