Header Ads

අත්බෝම්බයක් සමග ‘SF ලොක්කා’ අත්අඩංගුවට.


‘SF ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ අත්බෝම්බයක් සමග අනුරාධපුර දහයියාගමදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, වාහනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී අත්බෝම්බයක් ද ඔහු සතුව තිබී හමුවී ඇති බවයි.

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස මොහු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකි.

සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ SF ලොක්කා
මොහු 2015 වසරේ ජනවාරි 24 වන දා අනුරාධපුර මුදිතා මාවතේ සමාජ ශාලාවක් තුළදී කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු විය.

ඉරෝන් රණසිංහ සමග එම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 28කි.

කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමට පැමිණි මැර කල්ලිය අදාළ රාත්‍රී සාමාජ ශාලාවට ඇතුළු වී පහර දීම සිදු කළ අයුරු දැක්වූ CCTV දර්ශන පෙළ …

නිව්ස් ෆස්ට්



කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමට පැමිණි මැර කල්ලිය අදාළ රාත්‍රී සාමාජ ශාලාවට ඇතුළු වී පහරදීම සිදු කළ අයුරු දැක්වෙන නවතම CCTV දර්ශන පෙළක් Read More : http://goo.gl/HtOs7l
Posted by Newsfirst.lk on 26 ඔක්තෝබර් 2015

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.