Header Ads

නැගිටින්න නැගිටින්න…යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්” – STF නිලධාරීන්ට ජනාධිපති කිව්ව දේ.


අලුත් අවුරුදු දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්‍යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණී අතර බුලත් අතක් දී වැඳ නමස්කාර කර ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි නිල ඇඳුමින් සිටි විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින් මෙන්ම එහි සිටි අනෙකුත් සේවකයින්ද පුදුමයට පත් විය.

“නැගිටින්න නැගිටින්න…යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්..බුලත් අත දීලා යන්න” යනුවෙන් ඒ මොහොතේදී ජනාධිපතිවරයා එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ට පවසනවා.

ජනාධිපතිවරයා කිසිම විටෙක නිල ඇදුමෙන් සැරසී සිටින කිසිදු නිලධාරියෙකුට තමන්ට වැද නමස්කාර කිරීමට ඉඩ නොදෙන අතර සිය සමවයස් කාර්‍ය මණ්ඩල සාමාජිකයිනට සහ දේශපාලන නියෝජිතයින්ට කිසි විටෙකත් ඒ සඳහා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන බව මීට ප්‍රථමද වාර්තා වී තිබුනා.

එහි වීඩියෝව පහතින්,


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.