Header Ads

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මහ මගදී පුද්ගලයෙකුට පහර දෙන අයුරු (VIDEO)


පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මහ මගදී පුද්ගලයෙකුට පහර දෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබේ.

මෙම පහරදීම සිදුවුණේ, දොඩංගොඩ මංසන්ධියේදී ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් අප විමසීමක් කළ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, අණ නොතකා ධාවනය කළ බව කියන යතුරු පැදියක් දොඩංගොඩ පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් ලුහුබැඳ තිබූ බව ය.

දොඩංගොඩ මංසන්ධියේදී යතුරු පැදිකරු අනතුරකට ලක්ව ඇති බව ද ‍පොලීසිය පැවසී ය.

යතුරු පැදිකරුට රියැදුරු බලපත්‍රයක් නොමැති බව පසුව කළ සොයා බැලීමකදී හෙළි වී ඇතැයි දොඩංගොඩ පොලීසිය සඳහන් කළේ ය.

පහර කෑමට ලක්වූ යතුරු පැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.


නිව්ස් ෆස්ට්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.