Header Ads

වනජීවි නිලධාරීන් වන අලියෙකු වෙඩිතබා මරාදැමූ හැටි. (VIDEO)


වව්නියාව, ඕමන්තෙයි ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට ගත් උත්සාහයක් අතර තුර වෙඩි තබා ඝාතනය කර තිබේ.

පැටවුන් දෙදෙනෙකු සමග අලි දෙදෙනෙකු ඊයේ පෙරවරුවේ මෙම වගා ළිඳට වැටි සිටියේය.

පසුව ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව වන අලි මුදා ගැනීමට දැඩි වෙහෙසක් දැරූ අතර ඊයේ රාත්‍රි 9.00ට පමණ පැටවුන් දෙදෙනා මුදා ගැනීමට හැකිවිය.

අප වාර්තාකරු පැවසුවේ පසුව වව්නියාව වනජීවි කාර්යාලයේ නිලධාරින් මැදිහත්ව අද පෙරවරුවේ සිට වන අලි මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ය.

බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වන අලි දෙදෙනා ගොඩ ගැනීමේ කටයුතු සිදුකළ අතර, එහිදී ගොඩට පැමිණි අලියෙකුට වනජීවි නිලධාරීන් වෙඩි තැබුවේය.

වෙඩි වැදුණු වන අලියා එම ස්ථානයේදීම මියගොස් තිබේ.


දිවි රැක දෙන්නට ගොස් වන අලියාට වෙඩි තැබූ වනජීවී නිලධාරියාගේ වැඩ තහනම්.

වවුනියාවේ වන අලියාට වෙඩි තැබූ වනජීවී නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඊයේ වවුනියාවේ, ඕමන්තෙයි ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට ගත් උත්සහයකදී අදාළ වනජීවී නිලධාරියා විසින් අලියාට වෙඩි තබනු ලැබී ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.