Header Ads

පුරාණ විහාරස්ථානයක සියලු බුද්ධ ප්‍රතිමා නාදුනන කල්ලියක් විසින් විනාශ කර පළා යයි (VIDEO)


අවිස්සාවේල්ල දීගල ප්‍රදේශයේ මම විහාරස්ථානය පිහිටා තිබෙන පෞරණික විහාරස්ථානයක තිබූ සියලුම බුද්ධ ප්‍රතිමා වහන්සේලා කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබෙනවා.කඩා විනාශ කර ඇති ප්‍රතිමා අතරට අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ ද ඇතුළත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ප්‍රහාරය සිදු වනවිට කිසිඳු භික්ෂූන් වහන්සේ නමක් විහාරස්ථානයේ වැඩ සිට නොමැති බවටද වාර්තා වනවා.

විහාරස්ථානයේ පහසුකම් ප්‍රමාණවත් නොවීම ඊට හේතුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප දැරණියගල ශ්‍රී අභිනවාරාම පුරාණ විහාරස්ථානයේ වැඩවසන පූජ්‍ය අවිස්සාවේල්ලේ වග ශ්‍රී වජිරවංශතිස්ස හිමියන්ගෙන් විමසා සිටියා.

මෙලෙස විහාරස්ථානයට හානි කර ඇත්තේ කුමන් හේතුවක් මතදැයි අනාවරණ වී නොමැති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධියට වගකිව යුතු කිසිඳු පාර්ශවයක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
(වීඩියෝව පහතින් දැක්වෙයි)

පුරාණ විහාරස්ථානයක සියලු බුද්ධ ප්‍රතිමා නාදුනන කල්ලියක් විසින්...
පුරාණ විහාරස්ථානයක සියලු බුද්ධ ප්‍රතිමා නාදුනන කල්ලියක් විසින් විනාශ කර පළා යයි - අවිස්සාවේල්ල දීගල ප්‍රදේශයේ මම විහාරස්ථානය පිහිටා තිබෙන පෞරණික විහාරස්ථානයක තිබූ සියලුම බුද්ධ ප්‍රතිමා වහන්සේලා කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබෙනවා
Posted by ලංකා පට්ට වීඩියෝ on Sunday, April 2, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.