Header Ads

මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට බාධා: ලොරියකට ගල්මුල් ගැසූ අයෙක් අත්අඩංගුවට (VIDEO)

අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක්ව තිබියදී මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට ගිය රථයකට පහර දුන් බව කියන පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගැනිණි.


අද දෙවන දිනටත් වත්තල බෝපිටිය නුගපේ ප්‍රදේශයේ වගුරු බිමට කොළඹ කුණු බැහැර කිරීම‍ට පැමිණි ලොරිවලට ගම්මාසීහු විරෝධය පළ කළහ.

ඊට ප්‍රදේශයේ ආගමික් නායකයින් කිහිප දෙනෙක් ද එක්ව සිටියහ.

පිරිස ජෝන් අමරතුංග මහතා සමග සාකච්ඡා කිරීම සඳහා පිටව ගිය අතර කසළ බැහැර කිරීම අඛණ්ඩව සිදුවිය.

ඊට ජනතාව විරෝධය පළ කළ අතර පොලීසිය මැදිහත්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

විරෝධතාව පැවැත්වෙන අතරවාරයේ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සමග සාකච්ඡාවට ගිය පිරිස යළි පැමිණියහ.

සාකච්ඡාව සිදුවන අතර වාරයේදී ද යළිත් ලොරි කිහිපයක් කසළ බැහැර කිරීමට එම ස්ථානයට පැමිණියේ ය.

එහිදී යළි ත් ජනතාව ඊට විරෝධය පළ කළේ ය.

නිව්ස් ෆස්ට්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.