Header Ads

සැමියා ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ බිරිඳක් අත්අඩංගුවට (VIDEO)

තිස්සමහාරාම, යෝධකණ්ඩිය ප්‍රදේශයේදී තම සැමියා ඝාතනය කර වළ දැමූ බිරිඳක අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පෙබරවාරි මස 16 වන දා සැකකාරිය සිය සැමියාට පොල්ලකින් පහර දී ඝාතනය කර නිවස පිටුපස වළ දමා ඇති බවයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.

තිස්සමහාරාම, යෝධකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ සිව්දරු පියා අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය පාපොච්චාරණය කර ඇත්තේ තමා සැමියා ඝාතනය කර නිවසේ පිටුපස වැළ ලූ බවයි.

මළ සිරුර යළි ගොඩගැනීමට නියමිත අතර සැකකාරිය අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.