Header Ads

සාලියවැව ප්‍රදේශයෙන් හිස නොමැති මළ සිරුරක් හමුවෙයි (VIDEO)


සාලියවැව, නීල බැම්ම ප්‍රදේශයේ කලා ඔය ආසන්නයේ තිබී මළ සිරුරක් හමු වී තිබේ.

එම ස්ථානයේ වැලි ගොඩදැමීමේ නිරතව සිටි පුද්ගලයෙකු විසින් සිරුර දැක පොලීසියට දැනුම්දී ඇත.

අප වාර්තාකරු පැවසුවේ, අදාළ සිරුරෙහි හිස නොමැති අතර සිරුර හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ ඇති බව ය.

පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහිදී සිරුරෙහි තව ත් කොටස් කිහිපයක් ඊට අඩි 15ක් පමණ ඈතින් හමු වී තිබේ.

මේ අතර සිරුර ආසන්නයේ තිබී පිස්තෝලයක් සහ මුදල් පසුම්බියක් ද හමු වී ඇත.

අනුරාධපුර මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ, තිලක් කුමාර නැමැති අයෙක් මීට දින 4කට පෙර පිස්තෝලයක් සමග අතුරුදන්ව සිටි ඇති අතර සිරුර ඔහුගේ දැයි පොලීසිය සැක පළ කර තිබේ.

මේ වන විට සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ ක්‍රියාත්මකවේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.