Header Ads

මුස්ලිම් ත්‍රස්තයින්ගේ කනට ගසමින් – මලාලාට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය හිමිවෙයි! (VIDEO)


නොබෙල් සාම ත්‍යාගලාභිනියක් මෙන්ම ලොව කාන්තා අධ්‍යාපනය, මානව අයිතිවාසිකම් විශයෙහි ප්‍රමුඛතම ක්‍රියාකාරිණියක් වන මලාලා යූසුෆ්සායිට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය ලබාදීමට එරට රජය ඊයේ දිනයේදී කටයුතු කලා. එරට පුරවැසිභාවය පිළිගනිමින් මලාලා කැනඩා පාර්ලිමේන්තුව අමතමින් සිදුකරන ලද කතාව ලෝකය පුරා දැඩි කතාබහට ලක්වී තිබේ.

පාකිස්තානයේ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් විශාල අරගලයක යෙදුන ඇය තලේබාන් සංවිධානයේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය සුවවීමෙන් පසුව නැවතත් සිය සටනට එක් විය.

වැඩිවියට පත්වීමටත් පෙර බොළඳ ප්‍රේමයන් පසුපස හඹායන, සිය අයිතිවාසිකම් පිළිබඳව කිසිදු අවබෝධයක් නැති ගැහැනු දරුවන් බහුතරයක් සිටින ලෝකයක අධ්‍යාපනය සහ අයිතිවාසිකම් පිළිබඳව අරගල කරන මලාලා ලෝකයටම විශාල සම්පතක්!

ඇය කැනඩා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කල ලාබාලතම තැනැත්තිය වන අතර ඇගේ කතාව අතරතුර එරට පාර්ලිමේන්තුවට රැස්ව සිටි සියලු දෙනාම අවස්ථා කිහිපයකදී අසුන්වලින් නැගිට ඇයට සිය ආචාරය පුද කලා.

ඇගේ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.