Header Ads

කඩුවෙලදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කෙරේ (VIDEO)


කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ලගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

කඩුවෙල – මාලඹේ මාර්ගයේ කොතලාවල පාසල් වංගුවේදී අද පෙරවරු 10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිනි දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැක පළ කරයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලීසිය පැවසී ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.