Header Ads

ලෝකයට ම මානව හිමිකම් කියාදෙන අමෙරිකාව, මානව හිමිකම් රකින හැටි මෙන්න.. (VIDEO)


ගුවන්ගත කිරීම සඳහා සූදානම් කර තිබූ අමෙරිකානු ගුවන් යානක් තුළ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක දර්ශන පෙළක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී.

දර්ශන පෙළට අනුව යානය තුළ සිටින ගුවන් මගියෙක් එහි ආරක්ෂකයින් විසින් ආසනයෙන් ඉවතට ගෙන සාහසික ලෙස යානයෙන් ඉවතට ඇද දමන අයුරු දැක්වේ.

සිද්ධිය වන අවස්ථාවේ යානයේ සිටි තවත් මගියෙකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කළ දර්ශන පෙළ පහතින්…


දර්ශන පෙළට අනුව ආසනයෙන් ඉවතට ඇද ගන්නා මගියා පසුව ප්‍රවේශ මාර්ගය ඔස්සේ ඉවතට ඇදගෙන යන අයුරු දැක ගත හැකි ය.

මෙය සිදුව ඇත්තේ, චිකාගෝ සිට ලුවිස්විල් දක්වා පියාසර කිරීමට සූදානමින් තිබූ යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක් තුළයි.

සිද්ධිය සම්බන්ධයෙන් යුනයිටඩ් එයර්ලයින්ස් ගුවන් සමාගම අදාළ ගුවන් මගියාගෙන් සමාව අයැද සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මේ වන විට ට්විටර් මෙන් ම ෆේස්බුක් ඔස්සේ ද අදාළ වීඩියෝව ප්‍රචලිත වෙමින් තිබෙන අතර ප්‍රේක්ෂකයින්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

දර්ශන පෙළ ට්විටර් ඔස්සේ මුදා හැර ඇති ගුවන් මගිය පවසා ඇත්තේ, ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ආසන පහසුකම් අවශ්‍ය බව පවසමින් අසුන් ගෙන සිටි මගීන් සිව් දෙනෙකුට ස්වේච්ඡාවෙන් ආසන ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බව ය.

ඒ සඳහා කිසිවෙකුත් ඉදිරිපත් නොවුණ බැවින් බලධාරීන් යානයේ සිට ආසියානු වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට ආසන ලබා දී යානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

එහෙත් පසුදින රෝහලට වාර්තා කිරීමට නියමිතව සිටි බැවින් වෛද්‍යවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.


මිනිත්තු 10කට පමණ පසු මුහුණේ ලේ තවරා ගත් වෛද්‍යවරයා ගුවන් යානයේ පිටුපසට දිව ගොස් යානයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරමින් කණුවක එල්ලී සිටි බව මෙම මගියා වැඩිදුරටත් පවසා ඇත.

යනයේ සිටි ඕඩ්‍රා ඩී. බ්‍රිජෙස් නමැති තරුණිය ද අදාළ වීඩියෝව සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් පවසා ඇත්තේ, කාර්ය මණ්ඩලයට ආසන අවශ්‍ය වීම නිසා බලහත්කරයෙන් අදාළ මගියා යානයෙන් ඉවත් කළ බව ය.

එය ඉතා සාහසික ක්‍රියාවක් බව ද ඇය පවසා ඇත.


තවත් මගියෙකු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, තමා යළි කිසිදෙනක එම සාමගාමේ ගුවන් යානාවල ගමන් නොකරන බව යි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.