Header Ads

කුණු කන්ද නායයාමෙන් මීතොටමුල්ලේ ඛේදවාචකයක්! ( VIDEO)


මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් නිවාස ගණනාවකට බරපතළ හානි සිදුව ඇති බවත්, ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවත් වාර්තා වේ.

අද (14) ප.ව 3.00 ට පමණ කුණු කන්දේ කොටසක් නායගොස් ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 6 දෙනෙකු මේවන විට ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර කුණු කන්දේ ගිනි ගත් ඉහළ කොටසේ බැකෝ යන්ත්‍රයක්ද ගින්නට හසුව ඇති බව වාර්තාවන අතර ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් යෙදවූ බව ගුවන් හමුදාව පවසයි.

 වහා මැදිහත්වී පීඩාවට පත්වූවන්ට සහන සලසන ලෙස හා තත්ත්වය පාලනය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට හා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

අනතුරට පත් පුද්ගලයින් මුදවාගැනීමට හා සහන සැලසීමට බාධාවන බැවින් එම ප්‍රදේශයට ළඟාවීමෙන් වළකින ලෙස රජය ඉල්ලීමක්ද කර තිබේ.

ආපදා කළාමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන හදිසි මෙහෙයුම් මැදිරිය හරහා ත්‍රිවිධ හමුදා මැදිහත් කිරීම සිදුකොට ඇති  බවත්, කුණුකන්දේ ගිනි ගැනීමක් සම්බන්දයෙන්ද වාර්තාවන බැවින් ගිනි නිවන හමුදාවට දැනුම්දී මේවන විට ඔවුන් තත්ත්වය පාලනයකිරීමට පියවර ගෙන ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මීට අමතරව හදිසියකදී තොරතුරු දැනුම්දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය විවෘතව පවතින බවත්,  ඉදිරි කටයුතු ඒ හරහා සම්බන්ධීකරණය කිරීම සිදුවන බවත් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Update: ත්‍රිවිධ හමුදාවේ සහයෝගයෙන් මීතොටමුල්ල සහන කටයුතු ක්‍රියාත්මක වෙයි. මීතොටමුල්ල කුණූ කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස 40 කට පමණ හානි.
Posted by Newsfirst.lk on Friday, April 14, 2017

1 comment:

  1. Kauda mewata waga කිවයුත්තේ . . . බලධාරීන් nihada ai

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.