Header Ads

ජනාකීර්ණ කොළඹ නගරයේ අද තත්ත්වය (VIDEO)


උදාවන සිංහල දෙමළ නව වසර සැමරීමට මුළු රටම සූදානම්.

නමුත් ජනාකීර්ණ කොළඹ නගරය අද පාලු හුදකලා නගරයක් බවට පත් විය.

කොළඹ නගරය ඇතුළුව ප්‍රධාන නගර කේන්ද්‍රගතව රැඳී සිටින බහුතරය දුර බැහැර ගම් ප්‍රදේශවලින් පැමිණි පිරිස ය.

මින් බොහෝ දෙනා තාවකාලිකව කොළඹ රැඳී සිටින අතර ඇතැම් විට ස්ථීරව පදිංචි වී සිටියත් අති බහුතරයක් දෙනා සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ සිය ගම්බිම් බලා පිටත්ව යාම සිරිතකි.

ඒ සමග ම ජනාකීර්ණ, කාර්යබහුල කොළඹ නගරය ජන ශූන්‍ය වේ.

එමෙන් ම කොළඹ නගරයේ ඇති බොහෝ ආපනශාලා ද වැසී යන්නේ ඒවායේ සේවය කරන පිට පළාත්වල සේවකයින් ගම්බිම් බලා යාම හේතුවෙනි.

වෙනදා කොළඹ නගරයේ මංමාවත් තදබදයෙන් පුරවා ලන රථ වාහන වෙනුවට අද දකින්නට ලැබුණේ විවිධ වයස් සීමාවල දරුවන් ය.

මේ අතර කොළඹ නගරයේ කොටුව, පිටකොටුව ප්‍රදේශයේ සාමාන්‍යයෙන් සතියේ දිනක දැකිය හැකි ජනගහණය දක්නට නොලැබුණ ද අද දිනයේ ද සැලකිය යුතු ජනතාවක් ගම්බිම් බලා යාමට පැමිණ සිටියේ ය.

මේ අතර බැස්ටියන් මාවත පෞද්ගලික බස්රථ නැවතුම්පොළේ ද සෙනඟ රැඳී සිටියේ හැටන් බස් රථ නැවතුමේ පමණි.

නිව්ස් ෆස්ට්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.