Header Ads

නුදුරේදීම WhatsApp messages unsend කිරීමේ පහසුකම

මේ වන විට බොහෝ පිරිසක් භාවිත කරන වට්ස්ඇප් ඇප්ලිකේෂණය ඉදිරියේදී තවදුරටත් යාවත්කාලීන වන බව වාර්තා වේ.

ඉදිරියේදී සිදුවන මෙහි යාවත්කාලීන කිරීම මගින් වට්ස්ඇප් මගින් තවත් පුද්ගලයෙකුට යවන පණිවුඩයක් විනාඩි කිහිපයක් තුළ මකා දැමීමට මෙන් ම අදාළ පණිවුඩය සංස්කරණය කිරීමේ හැකියාව ද පවතී.

එම යවනු ලැබූ පණිවුඩය අදාළ පුද්ගලයා විසින් කියවීමට පෙර මෙලෙස මකා දැමීමට හෝ සංස්කරණය කිරීමට හැකි ය.

මෙතෙක් වට්ස්ඇප් හරහා යවන පණිවුඩ නැවත මකා දැමීමට හෝ සංස්කරණය කිරීමට හැකියාවක් නොමැති අතර මේ හේතුවෙන් යම් පණිවුඩයක් අතපසු වීමකින් අදාළ නොවන පුද්ගලයෙකුට යැවීම මගින් වට්ස්ඇප් භාවිත කරන්නන් අපහසුතාවට පත් වන අවස්ථා ද රැසකි.

කෙසේ වෙතත් වට්ස්ඇප් ඇප්ලිකේෂණයෙහි සිදු වීමට නියමිත මෙම යාවත්කාලීන කිරීම තුළින් නවමු වෙනසක් ඇති වෙයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.