Header Ads

සුළු පියා අතින් දූෂණයවී ගැබ්ගත් 10 හැවිරිදි දැරියගේ ඉටු වූ ඉල්ලීම

තම සුළු පියා අතින් දූෂණයවී ගැබ්ගත් 10 හැවිරිදි ඉන්දීය දැරියකට ගබ්සාවක් සඳහා එරට බලධාරීන්ගේ අනුමැතිය ලැබී තිබෙනවා.

දූෂණයට ලක් වූ  දැරියගේ පවුලේ සාමාජිකයන් විසින් දරු ගැබ ගබ්සා කිරීමට අවසර දෙන ලෙස පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

අදාල ඉල්ලීම ඉන්දීය වෛද්‍ය විශේෂඥයන්ගේ සැලකිල්ලට ලක් කිරීමෙන් අනතුරුව එම අනුමැතිය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

උතුරු ඉන්දියාවේ, රොතක් නගරයේ ජීවත් වූ අදාල දැරිය තම සුළු පියා විසින් අවස්ථා ගණනාවකදිම දුෂණයට ලක් වූ බවයි ඇය පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

එම දැරිය සිය දරුවා බිහි කිරීමට තවත් මාස 04ක පමණ කාලයක් තිබූ බවයි වාර්තා වන්නේ.

රෝතක් නගරයේ රජයේ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ දරුගැබ ගබ්සා කිරීමට තමන් තීන්දු කළ අතර ඕනෑම මොහොතක එය සිදුවිය හැකි බවයි.  

ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන එම දැරියගේ මව නිවසේ නොමැති අවස්ථාවකදී සුළුපියා විසින් ඇයව දුෂණය කළ බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිසිවෙකුට නොකියන ලෙස බල කර ඇතියි අදාල දැරිය පොලිසිය හම්වේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

දැරිය ගැබ්ගෙන ඇතිබව අනාවරණය වී ඇත්තේ ඇයගේ මවට සැක සිතී දැරිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව බව සදහන්.

චෝදනාවට ලක්ව සිටින සැකකාර සුළුපියා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ගැබිණි කාන්තාවකගේ ජීවිතයට අනතුරක් නැතැයි වෛද්‍යවරුන් සනාථ නොකරන අවස්ථාවක සති 20 වඩා කල්ගත දරු ගැබක් ගබ්සා කිරීම ඉන්දියාවේ නීතිය අනුව තහනම් වනවා.

ඉන්දීයාව කළ සමීක්ෂණයකට අනුව ළමා ලිංගික අපචාර අතින් එරට ලෝකයේ මුල් තැනට පත්ව ඇති බව සදහන්.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.