Header Ads

සැමියා විසින් පුළුස්සනු ලැබූ තරුණිය දින 14කට පසු මෙලොව හැරයයි

පිළිස්සුම් තුවාල සහිතව පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූවා ය.

පුද්ගලයෙකු සිය බිරිඳ පුළුස්සා ඇති බවට වූ පුවතක් මදුරන්කුලිය ,නල්ලන්දලුව ප්‍රදේශයෙන් වාර්තා වුණේ පසුගිය 5 වන දා යි.

ශ්‍යාමිලා ස්වප්නා නමැති 19 හැවිරිදි එම කාන්තාව දින 14ක් තිස්සේ, පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සැමියා ඇගේ සිරුරට ගිනි තබා ඇතැයි හෙළි වූ අතර මේ වන තෙක් ඔහු සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.