Header Ads

මොරවක නගරය අඩි 20ක් ජලයෙන් යටවේ

ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගගේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බැවින් මොරවක පොලිස් වසමේ මොරවක නගරය අඩි 15ත් 20 ප්‍රමාණයකින් ජලයෙන් යටවී ඇත. 

තවද ඒ - 17 ගාල්ල දෙනියාය මාර්ගයේ වැලිව සිට පොරුපිටිය දක්වා සහ මොරවක නෙළුව මාර්ගයේ මොරවක නගරයේ සිට කොඩිකාර ගොඩ දක්වා මාර්ග ජලයෙන් යටවී ඇත. 

සිදුවී ඇති දේපල හා ජීවිත හානි මෙතෙක් වාර්ථාවී නොමැත. මොරවක පොලීසිය ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට කටයුතු සිදු කරමින් පවතී.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම හා කොක්මාදුව පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය ඇණ හිට ඇත.

එම ස්ථාන වලින් වාහන ඇතුල්විමක් හෝ පිටවිමක් සිදු කළ නොහැකි අතර වෙනත් පිවිසුම් මාර්ග ඔස්සේ දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතා කිරීමට කටයුතු කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.