Header Ads

ඉදිරි පැය 24 තුළ නාය යාමේ අවදානම් සහිත ප්‍රදේශ මෙන්න!


ඉදිරි පැය 24 තුළ වැසි ඇති වුවහොත් රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල නාය යෑම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් හැකි ඉක්මනින් ඉවත්විය යුතු බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙනවා.

මෙම උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසයි ජනතාවට දැනුම් දී තිබෙන්නේ.  රත්නපුර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලිගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොළොන්න සහ නිවිතිගල යන ස්ථාන 12ක් දැඩි අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලත්කොහුපිටිය, දැරණිගල, යටියන්තොට, දෙහිඕවිට හා ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියාගම, නාරංගොඩ යන ප්‍රදේශ ද නාය යෑමේ අවධානම් කලාප ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.

මීට අමතරව කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලත්සිංහල, අගලවත්ත, වල්ලාවිට, බදුරලිය යන ප්‍රදේශයද, මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටපොළ, පස්ගොඩ, පිටබැද්දර, මුලටියන යන ප්‍රදේශවල ජනතාව ද දැඩි අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වලස්මුල්ල හා කටුවන යන ප්‍රදේශ ද නාය යෑමේ අවධානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.  මෙම ස්ථාන සඳහා රතු නිවේදන නිකුත් කර ඇති අතර එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.