Header Ads

මුස්ලිම් විරෝධී ට්‍රම්ප්ගේ පලමු සංචාරය සෞදියට! ඩොලර් බිලියන 350 ක ගිවිසුම් අත්සන් කරයි!

අමෙරිකාව සහ සෞදි අරාබිය අතර ඩොලර් බිලියන 350ක වටිනාකමකින් යුතු වෙළඳ ගිවිසුම් රැසකට ඉදිරි දිනවලදී අත්සන් තැබෙනවා. ඊට ඇමරිකානු ඩොලර් බිලියන 110 වටිනා ආයුධ මිලදී ගැනීමේ ගිවිසුමක්ද අන්තර්ගත වේ.

ඊට අත්සන් තබන්නේ සෞදි අරාබිය බලා පිටත්ව ගිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ සෞදි අරාබි ජනාධිපති සලමන් රජුයි.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් දින 08ක කාලයක් සෞදි අරාබියේ රැඳී සිටිනු ඇති.

හෙට දිනයේදී රියාද් අගනුවර පැවැත්වීමට නියමිත සමුළුවකදී 40කට අධික මුස්ලිම් ජාතික රාජ්‍ය නායකයින් ඇමතීමටද ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සිය ප‍්‍රථම නිළ සංචාරය සඳහා සෞදි අරාබිය තෝරා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.