Header Ads

අද උදෑසන ඇති වූ සුළඟකින් අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ නිවාස 45කට හානි

අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 45කට හානි සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ඇති වූ සුළඟත් සමග නිවාසවල වහළ ගැලවී ගොස් ඇති බව ය.

කහටගස්දිගිලිය, දිගන්හල්මිල්ලෑව, පලුකෙටුවැව සහ ගගුරෑව යන ගම්මානවලට මින් බලපෑම් එල්ල වී තිබේ.

කෙසේ වෙතත් සුළඟින් නිවාසවලට පූර්ණ හානි සිදුව නොමැත.

පොලීසිය පැවසුවේ, මින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.