Header Ads

බස් රථ රියැදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් බැඳිවැවදී 4 දෙනෙක් මරුට

පොළොන්නරුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ බැඳිවැව ප්‍රදේශයේ අද අලුයම යතුරු පැදියක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් සිව් දෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, කොළඹ සිට කල්මුනේ දක්වා ගමන් ගත් සුඛෝපභෝගී බස් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් මිය ගියේ, පොළොන්නරුව හා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

ඔවුන් වයස අවුරුදු 20, 23, 25 හා 48 යන වයස්වල පසුවන්නන් ය.

අනතුරට හේතුව බස් රථයේ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය බව පොලීසිය පවසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.