Header Ads

එජාප ශ්‍රීලනීප ප්‍රබල ඇමැති 4ක්‌ මහින්ද සමග එක්‌වේ ?


ඉදිරියේදී ඇතිවන තීරණාත්මක අවස්‌ථාවකදී තම උපරිම සහයෝගය ලබාදෙන බව ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරු හතරක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ප්‍රකාශ කර ඇත. 

මෙම හමුව පසුගිය සතියේ අවස්‌ථා තුනකදී සිදුවූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවැසීය. එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු පිරිසක්‌ මෙලෙස වරින් වර මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡා කළ බව හෙතෙම කීය.

පසුගියදා සිදුකළ ඇමැති මණ්‌ඩල සංශෝධනයට අයත්වූ ඇමැතිවරු කිහිප දෙනකු හා තවත් ඇමැතිවරු පිරිසක්‌ හිටපු ජනාධිපතිවරයා හමුවූ පිරිස අතර සිටින බවද හෙතෙම සඳහන් කළේය.

සම්මුතික ආණ්‌ඩුවේ ගිවිසුම්ගත වසර දෙක ලබන අගෝස්‌තු මාසයෙන් අවසන් වන බැවින් ඒ වනවිට තම තීරණය ගැනීම සඳහා තවත් ඇමැතිවරුන් පිරිසක්‌ සූදානමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

අළුත් පුවත්, ගොසිප්, විශේෂාංග ඔබේ ෆෙස්බුක් වොල් එකේ ඉක්මනට බලන්න අපේ ෆෙස්බුක් පිටුව පහලින් ලයික් කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.