Header Ads

වැල්ලවත්තේ පිහිටි මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි (VIDEO)


වැල්ලවත්ත, සැවෝයි සිනමා ශාලාව අසල ඉදිකරමින් තිබෙන මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ අතරින් 14 දෙනෙකු  කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තුවාල ලබා ඇත්තේ, එම වැඩබිමේ සේවකයින් පිරිසකි.

මේ අතර කොළඹ ගිනිනිවීම් ඒකකය සඳහන් කළේ, ගිලන් රථ 2ක් ඇතුළු ආපදා රථ 6 ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි.

අද උදෑසන 10.35 පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර පොලීසිය පැවසුවේ, මේ වන විට අනතුරට පත්වූවන් මුදා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.