Header Ads

මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 5 දෙනෙකුට නොතීසි.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනෙකුට ලබන 6 වන දා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරිණ.

කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා එම නියෝගය නිකුත් කළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයාපවරා තිබු නඩුවක් සලකා බැලු අවස්ථාවේ ය.

නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කොපරේටර් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදුකළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30 ක මුදලක් අයුතු ලෙස උපයා තිබීම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන් ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.