Header Ads

දවස් හතරෙන් කෝටි 625ක් හෙව්ව Baahubali 2 අමීර්ගේ අංක එක ගලවයි !


Baahubali 2 චිත්‍රපටය මේ වෙනකොට ඉන්දියාව විශාල පෙරළියක් කරමින් තිරගත වෙනවා.

කවුරුත් හිතපු නැති විදියට මේ චිත්‍රපටයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙනවා.

මේ චිත්‍රපටය තෙලිඟු, හින්දි සහ දෙමළ යන භාෂා තුනෙන්ම නිර්මාණය කරලා තියෙන නිසා මුළු ඉන්දියාවෙම මෙය තිරගත වෙනවා. ඒ වගේම තවත් රටවල් කිහිපයකම මේ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙනවා.

තිරගත වෙච්ච පළවෙනි දවසෙම කෝටි 100ක අදායමක් ඉපැයීමට මෙය සමත් වුණා. ඒ වගේම දවස් හතරක් වෙන කොට මේ චිත්‍රපටයේ global collections එක කෝටි 625ක්.

එන්න එන්නම අදායම් වැඩි වෙන Baahubali 2 චිත්‍රපටය හින්දි සිනමාවේ අදායම් වාර්තා අලුත් කිරීමට සමත් වෙලා තියෙනවා.

ඉන්දියාවේ ඉහළම අදායම් වාර්තා තැබූ අමීර් ඛාන් ගේ PK චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශන වූ අතර එහි සම්පුර්ණ අදායම කෝටි 792 ක්.

දැනට Baahubali 2 චිත්‍රපටයේ අදායම කෝටි 700ට ආසන්නයි.

ඒ අනුව තව දින දෙක තුනකින් Baahubali 2 චිත්‍රපටය අමීර් ඛාන් ගේ PK චිත්‍රපටයේ අදායම් වාර්තා දෙවැනි තැනට පත් කරනවා නොඅනුමානයි.

ඒ වගේම කොලිවුඩ් නිර්මාණයක් බොලිවුඩ් වාර්තා වෙනස් කරන පළමු අවස්ථාවත් මෙයයි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.