Header Ads

අරණායක සාමසර කන්ද නාය යෑමට වසරයි: අවතැන් පවුල් 75 ක් තවමත් කූඩාරම්වල

අරණායක සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකයවී අදට වසරක් සපිර තිබේ.

පසුගිය වසරේ අද වැනි දිනක සන්ධ්‍යාවේ සිදු වූ මෙම ඛේදවාචකයෙන් එහි ජීවත් වූ පුද්ගලයින් 32 කට ජීවිත අහිමි වූ අතර තව ත් විශාල පිරිසක් එයින් අවතැන් වූහ.

නාය යෑමෙන් වසරක් ගතව ඇතත් ඒ ආශ්‍රිත අවධානම් කලාපයෙන් ඉවත් කළ පවුල් 75 කට අධික සංඛ්‍යාවක් මේ වනතෙක් ජීවත් වන්නේ තාවකාලික කූඩාරම්වලය.

තව ත් පිරිසක් ඥාතීන්ගේ නිවාසවල ජීවත් වන අතර අවධානම් කලාපයෙන් ඉවත් කළ සෙසු පිරිස කුලී නිවාසවල ජීවත්වේ.

ඒ පිළිබඳ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියන්වල මහතා සඳහන් කළේ, අදාල පිරිසට නිවාස තනා දීම සඳහා මේ වන විට ඉඩම් හඳුනාගෙන ඇති අතර කඩිනමින් ඔවුන්ට ඒවා ලබා දීමට පියවර ගන්නා බව ය.

අරණායක නාය යෑමෙන් පසු පවුල් 571 ක් එම ප්‍රදේශයෙන් ඉවත් කළ අතර ඉන් නාය යෑමට හසුව විනාශ වූ ගම්මානයේ පවුල් 54 ක් සඳහා මේ වනවිට නිවාස ඉදිකර දීම අවසන් කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.